යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන යුක්රේනයේ පිහිටි Zaporizhzhia බලාගාරයේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
මෙම බලාගාරයේ අධ්‍යක්ෂකවරයා යුක්රේන රූපවාහිනී නාලිකාවකට පවසා ඇත්තේ එම ස්ථානයේ විකිරණ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.
රුසියාව මගින් දියත් කරන අඛණ්ඩ ෂෙල් වෙඩි ප්‍රහාර නිසා මෙම ගින්න හටගෙන තිබෙන අතර බලාගාරයේ ආරක්ෂාව තහවුරු කර ඇති බව බලධාරීන් පවසයි.
එමෙන්ම රුසියානු යුධ සෙබලුන් විසින් දිගින් දිගටම මෙම බලාගාරය සහිත ප්‍රදේශය යටත් කර ගැනීමට උත්සාහ කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
මේ අතර ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය විසින් බලාගාරයේ ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා උදව් ඉල්ලා තිබෙනවා.
වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පැවසුවේ රුසියානු හමුදා හැර වෙනත් කිසිම රටක් න්‍යෂ්ටික බල ඒකක වලට වෙඩි තබා නැති අතර රුසියාව දැන් න්‍යෂ්ටික ත්‍රස්තවාදයට යොමු වී ඇති බවයි.විදෙස් මාධ්‍ය ඇසුරිනි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



