සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (04) පැවැත්වෙනවා.
ඒ අනුව මෙරට වේලාවෙන් පෙරවරු 9.30 ට ඉන්දියාවේ මොහාලි ක්‍රීඩාංගනයේදී තරඟය පැවැත්වීමට නියමිතයි.
විශේෂතා රැසකින් සමන්විත අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන 300 වන ටෙස්ට් තරගය වන අතර ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්ගේ 75වන ටෙස්ට් තරගය ද වනවා.
එමෙන්ම ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලි සහභාගි වන 100 වැනි ටෙස්ට් තරගය මෙය වන අතර ශ්‍රී ලංකා වේගපන්දු ක්‍රීඩක සුරංග ලක්මාල් එක්වන අවසන් ටෙස්ට් තරගාවලිය ද මෙයයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



