Zaporizhzhia නෂ්ටික බලාගාරයේ ඇතිවූ ගින්නත් සමග ආසියානු කොටස් වෙළඳපළේ මිල ගණන් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ජපානයේ Nikkei දර්ශකය 2.5% කින් අඩු වූ අතර හොංකොං හි Hang Seng දර්ශකය සියයට 2.6% කින් පහත වැටී තිබුණා.
මීට අමතරව අද උදෑසන වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 112ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර ලොව පුරා රටවල් රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පැනවීමත් සමඟ රුසියානු රූබල් අගය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව වාර්තාගත අවම අගයකට පහත වැටී තිබෙනවා.
මීට අමතරව ලොව ප්‍රධානතම පිසුම් තෙල් වර්ගයක් වන සූරියකාන්ත තෙල් ගෝලීය සැපයුමෙන් 75% ක් ම යුක්රේනයේ නිෂ්පාදනය කරන අතර එළවලු තෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



