ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය අමාත්‍ය ධුරයෙහි කටයුතුවලින් ඉවත් වී සිටින බව පවසනවා.
හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිලට සාධාරණයක් ඉටු කරන තුරු තමා කැබිනට් මණ්ඩලය ද වර්ජනය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
අද (04) උදෑසන කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මෙම අදහස් පළ කළා.
කෙසේ වෙතත් ඔහු තනතුරෙන් ඉල්ලා අස්වෙන්නේ ද යන්න පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් සිදු නොකළ බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



