මාතර පරෙවි දූපතට පිවිසීමට ඉදිකර තිබූ පාලම ඊයේ (04) දිනයේ කඩා වැටීමත් සමඟ නව පාලමක් කඩිනමින් ඉදි කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා.
මෙම පාලම දීර්ඝ කාලයක් තිස්සේ අබලන්ව පැවති අතර සියම් මහා නිකායේ රෝහණ පාර්ශ්වයේ උපෝසථාගාරය පිහිටා ඇති මෙම දූපත දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් වනවා.
රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ නිලධාරීන් අද (05) එම ස්ථානයට යාමට නියමිත අතර පාලමේ ඉදිකිරීම් කටයුතු මාස හයක් තුළ නිම කිරීමට අපේක්ෂා කරන බව මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්. ආර්.පේමසිරි මහතා පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



