බීජිංහි පැවැත්වෙන ශ්‍රීත සෘතු පැරාලිම්පික් උළෙලේ දී යුක්‍රේනයේ පළමු රන් පදක්කම දිනා ගැනීමට Grygorii Vovchynskyi සමත් වුණා.
ඔහු මෙම රන් පදක්කම දිනා ගනු ලැබුවේ පිරිමි කෙටිදුර ධාවන (sprint standing) ඉසව්ව ජයග්‍රහණය කරමින්.
තම රටට එල්ල වන රුසියානු ආක්‍රමණ නොතකා තරග වදින යුක්රේනියානුවන් තවත් රිදී පදක්කම් දෙකක් ද දිනා ගෙන තිබෙනවා.
ක්‍රීඩා උළෙල ආරම්භයට පෙර යුක්රේන පැරාලිම්පික් ප්‍රධානී Valeriy Sushkevych පැවසුවේ තම කණ්ඩායම ක්‍රීඩා උළෙලට පැමිණීම ප්‍රාතිහාර්යක් බවත් යුක්රේනය ජීවමාන බවට සංකේතයක්ද වන බවයි.
මෙවර පැරාලිම්පික් උළෙලට රුසියාව සහ බෙලරූස් ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට තරග කිරීම තහනම් වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



