රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් යුක්‍රේනයේ නගර දෙකකට තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව දෙරටේ ප්‍රධාන මානුෂීය කොරිඩෝ වන Mariupol සහ Volnovakha යන නගර දෙක හරහා යුක්රේනයේ සිවිල් වැසියන්ට පිටතට යාම සඳහා අවසර ලැබී තිබෙනවා.
මොස්කව් වේලාවෙන් (7.00 GMT) සිට සිවිල් වැසියන් මෙම ප්‍රදේශ වලින් නික්මෙන තෙක් පමණක් තාවකාලික සටන් විරාමය බලපැවැත්වෙනු ඇත.
මෙම නගර දෙක තුළ තාවකාලික සටන් විරාමයක් පැවතියද අනෙකුත් ස්ථානවල සටන් දිගටම පවතින බවයි වාර්තා වන්නේ.
තව ද රුසියාව තුළ ෆේස්බුක්, ට්විටර්,යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක්ම අවහිර කර ඇත.
යුක්‍රේන ආක්‍රමණය ආරම්භ වූ දා සිට මිලියන 1.2 කට වැඩි පිරිසක් යුක්රේනයෙන් පලා ගොස් ඇති අතර රැසියාව විසින් යුක්රේනයට පහරදීම ආරම්භ කර අදට දින 10 ක් ගතවීමෙන් පසු සිදු වූ පළමු සටන් විරාම මෙයයි.
(බී.බී.සී. ඇසුරිනි)අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



