කොවිඩ් -19 වැළදීමෙන් මියගිය පුද්ගල මළ සිරුරු දිවයිනේ ඕනෑම සුසාන භූමියක භූමදාන කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න මහතා අවසර ලබාදී තිබෙනවා.
අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් විසින් කාලීන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹි බව කොවිඩ්-19 සම්බන්ධීකාරක වෛද්‍ය අනුව අන්වර් හම්දානි පවසයි.
මීට අදාල විශේෂ චක්‍රලේඛය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ (04) නිකුත් කරනු ලැබුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



