ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබෙනවා.
සංශෝධිත නව මිල ගණන්වලට අනුව පෙට්‍රල් 92 ඔක්ටේන් රුපියල් 67 කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 254ක් සහ පෙට්‍රල් 95 ඔක්ටේන් රුපියල් 76කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 283 ක් වනවා.
එමෙන්ම ඩීසල් ලීටරයක් රුපියල් 55 කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපිල් 176ක් ද සුපර් ඩීසල් රුපියල් 95 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 254ක්.
සති පහක කාලයක් ඇතුළත ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තුන්වන වරටත් සිය ඉන්ධන මිල ඉහළ දැමූ අතර සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අවසන් වරට ඉහළ දමා ඇත්තේ පසුගිය වසරේ ජුනි මස 11 වනදායි.
මෙලෙස ඉන්ධන මිල ගණන් ඉහළ යෑමත් සමග බස් රථ, ත්‍රීරෝද රථ සහ පාසල් ළමුන් ප්‍රවාහන සේවා ගාස්තු ද ඉහළ දැමීමට සිදුවන බව එම වෘත්තීය සමිති පවසනවා.
කෙසේ වෙතත් ඉන්ධන මිල ගනන් මෙලෙස ඉහළ නංවා ඇත්තේ රට තුළ පවතින ඉන්ධන හිඟයට පිළියමක් නොමැති පසුබිමකයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



