ශ්‍රී ලංකා හිටපු වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ (IPL) පුහුණුකරුවකු ලෙස තෝරාගෙන තිබෙනවා.
ඒ අනුව කුමාර් සංගක්කාර විසින් ප්‍රධාන පුහුණුකාරීත්වය දරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස ඔහු සම්බන්ධ වීමට නියමිතයි.
ලසිත් මාලිංග පසුගිය ඕස්ට්‍රේලියානු 20-20 තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙසද කටයුතු කළ අතර ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සිය නිල ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබුණා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



