දකුණුදිග යුක්‍රේනයේ මිනිසුන් 400ක් පමණ නවාතැන් ගෙන සිටි මරියුපෝල්හි කලා පාසලකට රුසියාව විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව එම ප්‍රහාරවලින් ගොඩනැගිල්ලෙන් තුනෙන් දෙකක් මුළුමනින්ම විනාශ වී ඇත.
එමෙන්ම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එම ස්ථානයේ පුද්ගලයින් 800-1300 අතර පිරිසක් රැඳී සිට ඇති අතර සුන්බුන් අතර පුද්ගලයින් සිර වී සිටින බවත් තුවාල ලැබූ පුද්ගලයන් පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර යුක්රේන ජනාධිපතිවරයා පැවසුවේ රුසියාව විසින් මරියුපෝල් නගරය වෙත එල්ල කළ ප්‍රහාර සියවස් ගණනාවක් පුරා මතකයේ රැදෙනු ඇති බවයි.
කෙසේ වෙතත් සති තුනකට වැඩි කාලයක් පුරා දෙරට අතර පවතින ගැටුම් මාධ්‍යයේ මිලියන 3.3 කට වැඩි පිරිසක් යුක්රේනයෙන් පලා ගොස් තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



