ඊයේ (20) රාත්‍රීයේ නිට්ටඹුව හොරගොල්ල ඉන්ධන පිරවුම්හල් අසලදී ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 14 පදිංචි 29 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය පවසයි.
ඉන්ධන හළ තුළ පෝලිම් පැනීමක් හේතුවෙන් මෙම ආරවුල හටගෙන ඇති අතර ත්‍රීවිල් රථ රියදුරු ඉන්ධන ලබා ගෙන ඉදිරියට ගොස් යතුරුපැදිකරු පැමිණෙන තුරු රැඳී සිට එහිදී තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
රෝහල් ගත කිරීමෙන් පසු යතුරුපැදිකරු මියගොස් ඇති අතර පලා ගිය ත්‍රීරෝද රථ රියදුරු නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



