කඩදාසි හිඟය හේතුවෙන් කල්දැමීමට සැලසුම් කර තිබූ බස්නාහිර පළාතේ සියලුම පාසල්වල 09, 10 සහ 11 ශ්‍රේණිවල වාර විභාග නියමිත කාලසටහනට අනුව පැවැත්වෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මාර්තු 29 වන දා සිට වාර විභාග ආරම්භ කිරීමට නියමිතයි.
ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කඩදාසි සපයා ගැනීමට හැකි වී ඇති බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා පවසනවා.
මේ අතර 6, 7 සහ 8 ශ්‍රේණිවල වාර විභාග කටයුතු අද (21) සිට සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



