කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක ප්‍රවාහනය කරමින් සිටියදී රුපියල් කෝටි 12 ක වටිනාකමින් යුත් රත්‍රං කිලෝග්‍රෑම් 06 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
කොළඹ ආමර් විදියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත ලද තොරතුරක් මත අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
38 හැවිරිදි මෙම සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට ගෙන්වන ලද මෙම රත්‍රන් තොගය යාපනයේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යාමට සූදානම් කර තිබූ බවයි අනාවරණය වී තිබෙන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



