ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට සමාගම මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසනවා.
දිවයිනේ ප්‍රදේශ රැසක ඇතැම් අලෙවි නියෝජිතයන් ඊයේ (20) රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අනවසරයෙන් ඉහළ දමා ඇති බවට වාර්තාවීමත් සමඟ සභාපතිවරයා මෙම අදහස් පළ කළා.
ඊයේ දිනයේ කිලෝ ග්‍රෑම් 12.5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4200 ක් ලෙස ඉහළ යාමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී තිබෙනවා.
කෙසේ වෙතත් ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පැවසුවේ යම් පුද්ගලයෙක් වැඩි මුදලක් යටතේ ලිට්‍රෝ ගෑස් අලෙවි කිරීම නීති විරෝධී බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



