කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරමින් සිටින අතරතුර එය පෙරළී ඇති වූ ගින්නෙන් යාපනය සන්ඩිලිපායි ප්‍රදේශයේ දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 16 හැවිරිදි සුදර්ශනී සදුර්ශිකා නැමැති දැරියයි.
විදුලිය විසන්ධි කර ඇති අවස්ථාවක ලාම්පුව පෙරලී ගොස් නිවසේ තබා තිබූ පෙට්‍රල් බෝතලයකට ගිනි ඇවිලීමෙන් මෙම දැරිය මිය ගොස් ඇති බව මානිප්පායි පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර දැරියගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය සංගානෙයි රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




