ජන පීඩක ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් එළඹෙන සිකුරාදා (06) දිවයින පුරා හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා.
මේ සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පුද්ගලික සහ වතු යන ක්ෂේත්‍රවල සේවක සේවිකාවන් මේ සඳහා එක්වන බවයි වාර්තා වන්නේ.
"6 වෙනිදා අපේ රටේ ඉතිහාසයේ විශාලතම වැඩවර්ජනය හා හර්තාලය පවත්වලා, දුෂිත ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල් පාලනයට දෙන අවසාන පණිවුඩය දෙනවා. 6 වෙනිදාට කලින් යන්න ඕනේ. ඒ නිසා මේ රටේ ජනතාවට අපි ආරාධනා කරනවා අරගලයට එකතුවෙන්න. අත්වැල් බැඳගන්න. වැඩබිම් නවතිනවා. ට්‍රාන්ස්පෝට් නවතිනවා. සියලුදෙනා ගෙදර ඉඳන් තමන්ගේ ළඟම තියෙන පාරට කළු කොඩියක් අරන් එන්න. ගෙදර කළු කොඩියක් දාන්න. ආයතනවල කළු කොඩියක් දාන්න. රටේ ජනතාව එක්ක එකතුව රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව තමන්ගේ මතය ප්‍රකාශ කරන්න බලය පෙන්වන්න. හර්තාලය සාර්ථක කරන්න. මේ වෙනකොටත් ආණ්ඩුව තීරණය කරලා නැත්නම්, 6 වෙනිදා වෙනකොටත් තීරණය කරලා නැත්නම් යන්න අපි මේ රටේ සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාර මේ රටේ බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ සියල්ල එකතුවෙලා 11 වෙනිදා පටන් ගන්නවා හර්තාලය. ආණ්ඩුව ගෙදර යනකල් ඒක නවත්වන්නේ නෑ."
මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් කියාසිටියේ සමස්ත සෞඛ්ය සේවාව සම්බන්ධ කරගනිමින් කර ගනිමින් වැඩ වර්ජනයක් සිදු කරන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




