පසුගියදා පැවැති සමගි ජන බලවේගයේ මැයි දින පෙළපාලිය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පැමිණිලි කළ බව සමගි ජන ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ (02) ප්‍රකාශ කළා.
මැයි දින පෙළපාලිය සංවිධාන කටයුතු හරීන් ප්‍රනාන්දු මහතාට භාරදී ඇති අතර එහිදී ඔහු විසින් තම හිතවත් කණ්ඩායමක ප්‍රතිරූපය ඉහළ නංවන අයුරින් කථික ලැයිස්තුව සකස් කර ඇති බවට ඔහු චෝදනා කරනවා.
මේ පිළිබඳව අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ මෙම කථික ලැයිස්තුව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අනුදැනුම යටතේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සැකසු බැවින් ඒ පිළිබඳ තමාට චෝදනා නැගීම පලක් නැති බවයි.
මේ අතර ඊයේ (02) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී පැවැති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී සරත් ෆොන්සේකා මහතාගේ ක්‍රියාකලාපය විපක්ෂයේ සියලු ම මන්ත්‍රීවරුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ආණ්ඩුවට එරෙහි සමගි ජන ජනබලවේගයේ පාගමන ඉතාමත් සාර්ථකව නිම කිරීමෙන් පසු මෙවැනි ක්‍රියාවක් සිදු වීම කිරි කළයකට ගොම බින්දුවක් දැමීම හා සමාන බවත් එය ඉතා අසීලාචාර අශෝබන ක්‍රියාවන් බවත් මෙහිදී මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් පවසා තිබෙනවා.
කෙසේ වෙතත් ඊයේ පැවති මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සහභාගී වී නැහැ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




