පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට රට මුහුණ දෙමින් සිටින අවස්ථාවේ සාම්ප්‍රදායික පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට ගොස් නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රට මුදවා ගැනීමට අත්වැල් බැද ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
විපක්ෂනායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ගත වන දිනක් පාසා මෙරට දැඩි අවදානම් තත්ත්වයකට පත්වන පත් වන බැවින් සියලු දෙනාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් හා දැඩි කැපවීමෙන් රට ස්ථාවර කිරීමට කටයුතු කළ යුතු බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




