ඉන්දියාවේ නව දිල්ලි අගනුවර වූයේ සිව්මහල් ගොඩනැගිල්ලක ඊයේ (13) පස්වරුවේ හටගත් ගින්නකින් පුද්ගලයින් විසි හත් දෙනකු මිය ගොස් මියගොස් දොළොස් දෙනෙකු රෝහල්ගත කර ඇත.
එම ගොඩනැගිල්ලේ පළමු මහලේ ගින්න හටගෙන ඇති අතර එම අවස්ථාවේ හැත්තෑවකට අධික පිරිසක් ගොඩනැගිල්ලේ සිටි බවත් පොලිසිය විසින් ජනෙල් බිඳ දොඹකර මගින් තුවාලකරුවන් මුදවා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ විස්සක් පමණ භාවිත කර ඇති අතර එම ගොඩනැගිල්ල නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා ගින්න හටගෙන ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.
( BBC)අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




