2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගත කර ගැනීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මැයි මස 23 වනදා සිට ජුනි මස 01 වන වෙනිදා දක්වා විභාගය පැවැත්වෙන බවත් ඊට අදාළ ප්‍රවේශ පත්‍ර මේ වන විටත් තැපැල් කර ඇති බවත් විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසයි.
ඒ අනුව යම් අයදුම්කරුවෙකුට තවමත් ප්‍රවේශ පත්‍රය ලැබී නොමැති නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස තමාගේ විභාග අංකය ඇතුළත් කර ප්‍රවේශ පත්‍රය බාගත කරගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




