දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට තම අභිමතය පරිදි අත්‍යවශ්‍ය සේවකයින් පමණක් සේවයට කැඳවීමට බලය පවරමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.
ඉන්ධන ඇතුළු පවතින ගැටළුවලට පිළියමක් ලෙස කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණයකට අනුව ඊයේ (24) සිට ක්‍රියාත්මක වන පරිදි එම චක්‍රලේඛය නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසයි.
කෙසේවෙතත් මෙම චක්‍රලේඛය විභාග සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාළ නොවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




