පසුගිය දින 03 තුළ දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 1044කට ඩීසල් සහ පෙට්‍රල් තොග බෙදා හැර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
මේ අතර පිරවුම්හල් 40කට ඉන්ධන තොග ලබා දී නැති අතර එම ඉන්ධන පිරවුම්හල් බොහෝමයක් අක්‍රිය හෝ බලපත්‍ර අත්හිටුවා ඇති ඒවා හෝ ඉන්ධන ඇණවුම් කර නොමැති පිරවුම්හල් වන බව අමාත්‍යවරයා පෙන්වාදෙනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කළේ නාගරික පිරවුම්හල්වලට දිනකට දෙවරක් ඉන්ධන සපයන අතර අනෙක් පිරවුම්හල් සඳහා දිනකට එක්වර බැගින් ඉන්ධන තොග ලබා දෙන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




