ඉදිරි සති 6 තුළ අතුරු අයවැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ අනුව වසර දෙකක සහන වැඩසටහනක් සඳහා අරමුදල් නැවත යොමු කිරීමට යටිතල පහසුකම් ව්‍යාපෘති කප්පාදු කිරීමට සිදුවන බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියා.
මෙහිදී අදහස් දක්වමින් අග්‍රමාත්‍ය වැඩිදුරටත් කියා සිටියේ "අපට රුපියලකවත් ආදායමක් නැත. එහෙත් දැන් රුපියල් ට්‍රිලියනයක් මුද්‍රණය කිරීමට සිදුවී තිබෙනවා" ලෙසයි.
මේ අතර පසුගිය සදුදා නිකුත් කළ රජයේ දත්ත වාර්ථා වලට අනුව මාර්තු මාසයේ සියයට 21.5 ක් ලෙස දැක්වුණු උද්ධමනය අප්‍රේල් මාසය වන විට වාර්තා ගත ලෙස සියයට 33.8ක් දක්වා ඉහළ ගොස් ඇත.
"ඉදිරි දුෂ්කර දින දෙස බලන විට විරෝධතා තිබිය යුතුය.මිනිසුන් දුක් විඳින විට එය ස්වභාවිකය.ඔවුන් විරෝධතා දැක්විය යුතුය නමුත් එය දේශපාලන ක්‍රමය අස්ථාවර නොවන බවට සහතික වීමට අපට අවශ්‍යයි."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




