සුප්‍රකට බොලිවුඩ් නළු ෂාරුක් ඛානගේ පුත්‍රයා වන ආර්යයන් ඛාන්ට එරෙහිව එල්ල වී තිබූ චෝදනාව ඉන්දීය මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය විසින් ඉවත් කර ගෙන තිබෙනවා.
2021 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී ඔහුට එරෙහිව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් නීති විරෝධී මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම, පරිභෝජනය සහ විකිණීම හේතුවෙන් චෝදනා ගොනු කර තිබුණා.
කෙසේවෙතත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අධිකරණයට ඉදිරිපත් කළ චෝදනා පත්‍රයට අදාළව විත්තිකරුවන් 14 දෙනෙකු නම් කර තිබුණද සාක්ෂි නොමැතිවීම හේතුවෙන් ආර්යන් ඛාන් ඇතුළු තවත් පුද්ගලයන් 6 දෙනෙකුට එරෙහිව තිබූ චෝදනා ඉවත්කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
24 හැවිරිදි ආර්‍යන් ඛාන් මෙම නඩුවට අදාළව සති තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිට ඇප මත මුදාහැර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




