රට තුළ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට රජය මැදිහත් නොවන්නේ නම් පූර්ව දැනුම් දීමකින් තොරව අඛණ්ඩ වැඩවර්ජනයක් අරඹන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට රට පුරා සියලු රෝහල්වල පවතින දැඩි ඖෂධ හිඟය හේතුවෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමේ අවදානමක් ඇති බවයි.
මේ අතර දැඩිසත්කාර ඒකක සඳහා අවශ්‍ය ඖෂධ,බෝ නොවන රෝග සඳහා අවශ්‍ය ඖෂධ,රසායනාගාර පරීක්ෂණ සඳහා අවශ්‍ය උපකරණ සහ කුඩා දරුවාට ලබාදෙන ඖෂධ වර්ග ඇතුළු ඖෂධ වර්ග රැසක හිඟයක් පවතින බව වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




