රටේ සමස්ත බිත්තර පරිභෝජනය 80% කින් පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසයි.
එමෙන්ම රුපියල් 60ට මිලදී ගත් කුකුල් කෑම කිලෝවක් රුපියල් 250 දක්වා ඉහළ යාමත් සමග බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් තිස් පහකින් පමණ ඉහළ ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ග්‍රාමීය මට්ටමෙන් පවත්වාගෙන ගිය බිත්තර ගොවිපොළ 80% ක් පමණ සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර මහා පරිමාණ බිත්තර ගොවිපොළ 50% ක් පමණ අඩපණ වී ඇති බවයි.
මේ හේතුවෙන් බිත්තරවල මිල ගණන් ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බව වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




