කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි නියෝජ්‍ය පොලිස්පති කාර්යාල සංකීර්ණය ආසන්නයේ වෙඩි පහරට ලක් වී ඇත්තේ හිටපු කමන්ඩෝ සෙබළුන් තිදෙනෙක් බව පොලිස් විමර්ශනවලින් තහවුරු වී තිබෙනවා.
එම පිරිස නඩුවකට සහභාගිවීම සඳහා අධිකරණයට පැමිණ බස් රථයට ගොඩවීමට සූදානමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඇති බව පොලීසිය පවසයි.
මොවුන් තිදෙනා කොළඹ 7 පිහිටි අවන්හලක සේවය කර ඇති අතර එහිදී වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් අවන්හලේ හිමිකරු සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙලෙස ඔවුන්ට එරෙහිව නඩුවක් විභාග වන බව වාර්තා වනවා.
කෙසේ වෙතත් අද පැවති නඩු වාරයට පැමිණිලිකාර අවන්හල් හිමිකරුවා සහභාගී වී නැති අතර මෙම වෙඩි තැබීම කොන්ත්‍රාත් පදනමක් මත සිදුවී ඇතැයි පොලිසිය සැක පළ කරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




