කළුතර හීනටියන්ගල ප්‍රදේශයේ නිවසක සැක කටයුතු අන්දමින් මිය ගිය පියා සහ දියණියගේ මළ සිරුරු ඊයේ (30) රාත්‍රියේ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 69 හැවිරිදි සමරසිංහගේ සුනිල් ජයසිංහ සහ ඔහුගේ දියණිය වන 33 හැවිරිදි සමරසිංහගේ සචිත්‍රා හංසමාලි ජයසිංහ නම් අවිවාහක තරුණියයි.
මව්පියන් දෙදෙනා සහ දියණිය එම නිවසේ පදිංචිව සිට ඇති අතර මිය ගිය පුද්ගලයාගේ බිරිඳ විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමත් සමඟ කළුතර දකුණ පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.
දියණිය සාලයේ බිම මියගොස් සිට ඇති අතර පියා සාලයේ පුටුවක් මත මියගොස් සිටි බව පොලිසිය පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




