වහාම ක්‍රියාත්මක වන පරිදි ධනුෂ්ක ගුණතිලකට සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
T20 ලෝක කුසලානය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා සංචිතයේ සිටි පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඊයේ (06) අලුයම 01ට පමණ ඔස්ට්‍රේලියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ සිඩ්නිහි නැගෙනහිර රෝස් බේහි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.





