කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැදවියන් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව පොලිීසිය පවසනවා.
අද (07) දහවල් වන විටත් ආරක්ෂක අංශ එම මධ්‍යස්ථානයට ඇතුළු වීමට ඉඩ නොදී රැදවියන් විසින් විරෝධතාවයේ නිරත වුණා.
එහෙත් මේ වන විට මධ්‍යස්ථානයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත්, ඒ අනුව විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලීසිය පවසයි.
මේ අතර යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මේ වනවිට රැඳවියන් 514ක් යුද හමුදාව සහ පොලීසිය භාරයේ සිටින බවයි.
එම රැඳවියන් අතරින් මෙම ගැටුම්වලට සම්බන්ධ නොවූ රැඳවියන් 218දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයට මාරුකර යවා ඇති අතර රැඳවියන් 211 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා පොලීසිය වෙත භාරදී තිබෙනවා.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම සිද්ධියෙන් රැඳවියන් 33ක් තවමත් අතුරුදන් බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




