කන්දකාඩු පුනරුත්ථාපන රැඳවුම් මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්ථාපන රැඳවුම් මධ්‍යස්ථානය වෙත යැවූ රැඳවියන් 218 දෙනා අතරින් රැඳවියන් පිරිසක් පළාගොස් තිබෙනවා.
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඉන් 20 දෙනෙකු මෙලෙස පළාගොස් ඇති බවයි.
පළාගොස් සිටි රැඳවියන් 06 දෙනෙකු යළි අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇති අතර අනෙකුත් රැඳවියන් 14 දෙනා සොයා මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




