දිස්ත්‍රික්ක හතකට තවදුරටත් නායයෑමේ අවදානම් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව බදුල්ල , මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්වලට එම අවදානම් තත්ත්වය බලපා ඇති බව එම සංවිධානය නිවේදනය කරනවා.
විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ ජනතාව පස් කඳු කඩා වැටීම් සහ නායයෑම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම්දෙයි.
එම ප්‍රදේශයට පසුගිය පැය 24ක කාලය තුළ මිලිමීටර් 150 ඉක්මවු වර්ෂාපතනයක් ලැබී ඇති බව ජාතික ගොනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




