ඕස්ට්‍රේලියානු ඔස්ට්‍රේලියානු තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත සිඩ්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ධනුෂ්ක ගුණතිලක වීඩියෝ තාක්ෂණ ඔස්සේ අද (07)සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර
ඔහුට අත්විලංගු දමා සිටින අයුරු දිස්වූ බව එරට මාධ්‍ය වාර්තා කළා.
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආනන්ද අමරනාත් අධිකරණයනේ ඔහුට ඇප ඉල්ලීමක් කර ඇති අතර ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවියේ මහේස්ත්‍රාත් රොබට් විලියම්ස් ඇප අයැදුම විභාගයට ගැනීමට පෙර නඩුව කෙටි වේලාවකට කල්තබා ඇති බව වාර්තා වනවා.
ඒ අනුව ඔහු තවදුරටත් අත්අඩංගුවේ පසුවනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




