සරණාගතයින් බවට සැකකෙරෙන ශ්‍රී ලාංකිකයින් 300ක පමණ පිරිසක් රැගත් යාත්‍රාවක් වියට්නාම - සිංගප්පූරු මුහුදු සීමාවේදී මුදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් LADY R3 නම් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාව ඊයේ (07)වියට්නාමය සහ සිංගප්පූරුව ආසන්න මුහුදේදී අනතුරට ලක්ව තිබෙනවා.
යාත්‍රාව අනතුරට පත්වීමත් සමඟ එහි සිටි ලාංකිකයෙක් ඒ පිළිබඳව මෙරට නාවුක මුදාගැනීමේ මෙහෙයුම් මැදිරිය අමතා දැනුම් දී ඇති අතර, ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් වියට්නාම නාවුක මුදාගැනීමේ මෙහෙයුම් මැදිරිය වෙත දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.
මුදාගන්නා අවස්ථාවේ දී යාත්‍රාව තුළ පිරිමි පුද්ගලයන් 264දෙනෙකු, කාන්තාවන් 19දෙනෙකු සහ ළමුන් 20දෙනෙකු එහි සිට ඇත.
ඔවුන් සියලුදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වනවා.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි සඳහන් කළේ, ඔවුන් මෙරටට ගෙන්වාගැනීම සඳහා වියට්නාම බලධාරීන් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




