ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.
ඒ අනුව විනිසුරු සිසිර රත්නායක (විශ්‍රාමික මහාධිකරණ විනිසුරු), නීතිඥ නිරෝෂණ පෙරේරා සහ අසේල රැකව යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විමර්ශන මණ්ඩලයක් මෙලෙස පත් කර ඇත.
ජාතික කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානයට ලක්ව ඇති සහ සිදුවූ බව කියන විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් මෙම කමිටුව විමර්ශනය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




