ගුරු ගෞරවයට හානි වන වෙනත් කිසිදු ඇඳුමක් ගුරු වෘත්තිකයින් සඳහා හඳුන්වා නොදෙන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ගුරුවරියන්ගේ ඇඳුම වෙනස් කිරීමේ අවශ්‍යතාව ඇතිව තිබෙන්නේ එක් ගුරු සංගමයක නායකයෙකු වූ එක පුද්ගලයෙකුට පමණක් බවත් එම යෝජනාවට මහ සංඝරත්නය ඇතුළු විවිධ පාර්ශව වෙතින් විරෝධය එල්ල වී තිබෙන බවත් ඔහු සඳහන් කළා.
ශ්‍රී දළදා මාලිගාවට ඊයේ (07) පැමිණි අවස්ථාවේ දී අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මෙම යෝජනා කරන පිරිස් අවධානය යොමු කළ යුත්තේ ෆින්ලන්ත ගුරුවරියන්ගේ ඇඳුම සම්බන්ධව නොව එම රටේ ක්‍රියාත්මක සාර්ථක අධ්‍යාපන ක්‍රමය පිළිබඳව බව අමාත්‍යවරයා අවධාරණය කළා.
සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව සියලු ගුරුවරියන් පාසැල් එන විට සාරිය හෝ ඔසරිය අඳින බවත් ඇඳුම වෙනස් කිරීමේදී මෙරට සංස්කෘතිය පිළිබඳ නොතකා තීන්දු තීරණ ගත නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




