තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් කරන විශේෂ විමර්ශනයට අදාළව ප්‍රවීණ චිත්‍රපට නිළි සංගීතා වීරරත්නගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඊයේ (7) පැය 5 කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
තිලිණි ප්‍රියමාලි සමඟ ඇයට තිබුණු හිතවත්කම් ගැන මෙන්ම ඇය සමඟ කර ඇති ගණුදෙනු සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමුකරමින් ප්‍රශ්න කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේ.
අවස්ථා කිහිපයකදී සංගීතා වීරරත්න මහත්මියට සහ තවත් ජනප්‍රිය තරුණ රංගන ශිල්පිනියකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද එම නිළියන් දෙදෙනා පෙනී නොසිටීම මත ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර අවශ්‍ය පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටි බව වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




