වාකරේ කොළ පිපිඤ්ඤාවලින් මේ වසරේ පළමු මාස 10ට ඩොලර් මිලියන 10.3ක් උපයා ඇති බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක වන අපනයනය ඉළක්ක කර ගත් විදේශ ව්‍යාපෘතියක් වන කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් ආරම්භ කර තිබෙන මඩකලපුව වාකරේ කොළ පිපිඤ්ඤා වගාව මේ වනවිට රටට අවශ්‍ය ඩොලර් උපයන ව්‍යාපෘතියක් බවට පත්ව තිබෙනවා.
මඩකලපුව වාකරේ ප්‍රදේශයේ ගොවීන් 500ක් විසින් අක්කර 500ක කොළ පිපිඤ්ඤා වගාව සිදු කරන අතර එම අස්වැන්න අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් ජපානය ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කරනු ලබන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව මෙම කොළ පිපිඤ්ඤා හේලිස් සමාගම විසින් මිල දී ගනු ලබන අතර ඒවා නව තාක්ෂණය යොදා ගනිමින් අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් සකස් කර වෙළෙදපළට යවනු ලබයි.
එහි සංචාරයකට එක් වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති තවත් වසරකින් අවසන් වුවද, රජයේ මුදල් යෙදීම මගින් හෝ මෙම ව්‍යාපෘති ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




