අනතුරකින් මරණයට පත්වූ යාචකයකුගේ බෑගයක තිබූ රුපියල් 135,000ක් සමග බැංකු ගිණුම් පහක පොත් තිබී හමුවූ බව ආරච්චිකට්ටුව පොලීසිය පවසනවා.
මෙසේ මරණයට පත්ව ඇත්තේ උඩප්පුව යාය 6 පදිංචි කදිරේෂන් පාලමුරුගන් නැමති 49 හැවිරිදි අයෙක්.
මෙම යාචකයා පුත්තලම හලාවත මාර්ගයේ ආනවිළුන්දාව ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටී රෝහලට ඇතුලත් කර පසුව හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බව වාර්තා වනවා.
ඔහු කලක සිට සිගමන් යදිමින් ජීවත්ව ඇති අතර අනතුරින් මරණයට පත්විමෙන් පසු මෙම යාචකයාගෙ බෑගය පරික්ෂා කිරීමේදී ඉතා ආරක්ෂිතව සඟවා තිබූ 135000 ක මුදලක් හා රාජ්‍ය හා පුද්ගලික බැංකු පහක ගිණුම් වල තවත් රුපියල් 47000 ක මුදලක් තැන්පත් කර තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




