කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිදුවීමට අදාළව අධිකරණයට ඉදරිපත් කළ රැඳවියන් 201ක් නොවැම්බර් 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර,පෙරේදා (06) රාත්‍රියේ දහයට පමණ හටගත් ගැටුමක් අතරතුර රැඳවියන් පිරිසක් පලාගොස් ඇති අතර තවත් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
තත්ත්වය පාලනය කිරීම සඳහා අරලගන්විල, මනම්පිටිය, වැලිකන්ද, හිඟුරක්ගොඩ, පුලස්තිගම යන පොලිස් ස්ථානවලින් සහ යුද හමුදා සාමාජිකයින්ද කැඳවා ඇත.
ඒ අනුව මේ වන විට රැඳවියන් 514 දෙනෙකු ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති අතර තවත් 30 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.
එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් කඩිනමින් තමන්ට ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතාට දන්වා තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




