බේරුවල ධීවර වරායෙන් මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක ධීවරයෙක් මුහුදට වැටී අතුරුදන්වී තිබෙනවා.
මෙසේ අතුරුදන්වී ඇත්තේ තාලාවිට, එප්පාවල ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලයෙක්.
මෙම ධීවරයා ඉකුත් සැප්තැම්බර් 11 වනදා බහුදින යාත්‍රාවකින් තවත් ධීවරයින් පස්දෙනෙකු සමග මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගොස් තිබුණා.
එම පිරිස මුහුදු ගොස් ධීවර කටයුතු නිමවා නැවත එමින් සිටියදී ඊයේ (11) සවස මෙම ධීවරයා මුහුදට වැටී අතුරුදන්වී ඇති බවට යත්‍රාවේ හිමිකරු පොලීසිය පැමිණිලි කර ඇත.
ඒ අනුව බේරුවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




