ලෝක බලවතුන්ගේ බල අරගලවලට කිසිවිටකත් ශ්‍රී ලංකාව මැදිහත් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (11) පැවැති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවට සහභාගි වෙමින්.
"ලංකාවේ ස්ථාවරය තමයි අපි ලෝක බලවතුන්ගේ බල අරගල වලට කිසිවිටකත් මැදිහත් වෙන්නේ නැ කියන එක. අමෙරිකාව ඉන්දියන් සාගරයේ ඉන්න එක අපිට ප්‍රශ්ණයක් නෙවේ. ඒ වගේම එදිරිවාදීකම් නැති තාක් කල් ජපානය හා චීනය ඉන්න එකත් අපිට ගැටලුවක් නෙවේ.
අපි අපේ අවශ්‍යතාවලට මුල් තැන දෙන්න ඕන. මේ කාලාපයේ ලොකුම රට ඉන්දියාව ඒක නිසා ඔවුන් කැමති ඔවුන්ට මේ කාලාපයේ තර්ජනයක් නැතුව තියනවාට."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




