දරුවන් තුළ පළමු වසරේ සිට ඉංග්‍රීසි කථන හැකියාව ශක්තිමත් කිරීමට ලබන වසරේ සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ඒ අනුව සියලු පළාත් නියෝජනය වන පරිදි රජයේ පාසල් වල පළමු සහ දෙවැනි ශ්‍රේණි නියෝජනය කරන ගුරුවර ගුරුවරියන් ආසන්න වශයෙන් 13,500 ක් එළඹෙන නොවැම්බර් 18 සහ 19 දෙදින තුළ ජාතික අධ්‍යාපන ආයතනය විසින් පුහුණු කරනු ලැබීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




