තමන්ට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්තක් නොමැති බව වියට්නාමය ආසන්න මුහුදේ දී පසුගියදා අනතුරට පත්වී මේ වනවිට වියට්නාමයේ සරණාගත කඳවුරක සිටින ශ්‍රී ලාංකිකයින් බිබීසී මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ, තම ගැටලුව විසඳීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපකාර බලාපොරොත්තු වන බවයි.
ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් මියන්මාර ධජය සහිත LADY R3 ධීවර යාත්‍රාව පසුගිය සඳුදා වියට්නාම භූමියෙන් නාවික සැතපුම් 258ක් දුරින් මුහුදේ වියට්නාමය සහ සිංගප්පූරුව ආසන්න මුහුදේ දී අනතුරට ලක් වුණා.
පසුව ඔවුන් වියට්නාමයේ වන්ග් ටාවූ වරාය වෙත රැගෙනවිත් වියට්නාම ආරක්ෂක අංශවලට භාර දුන් අතර මේ වනවිට වියට්නාමයේ සරණාගත කඳවුරක රැඳී සිටියි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




