ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (14) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන එම රැස්වීම සඳහා සහභාගී වන ලෙස සියලු අමාත්‍යවරුන්ට දැනුම් දී ඇත.
ජනාධිපතිවරයාගේ මංගල අයවැය අද දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට අනුමැතිය ලබාගැනීම සඳහා එම කැබිනට් රැස්වීම පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
එම රැස්වීමෙන් අනතුරුව සියලු මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුව බලා ගමන් කිරීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.
 




 
							     
							     
							     
							     
 
 
 
