පොලිස් නිලධාරිනියන් දෙනෙකුගේ ගෙලෙන් අල්ලා තල්ලු කර ආවේගශීලී ලෙස හැසිරුණු පානදුර දකුණු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද පින්තෝ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.
පානදුර, පල්ලියමුල්ල ප්‍රදේශයේ පෙරේදා  ( 12) සවස පැවති විරෝධතාවක් අතරතුර උසස් පොලිස් නිලධාරියෙකු, කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු බෙල්ලෙන් අල්ලා තල්ලු කරන අයුරු දැක්වෙන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ විශේෂ අවධානය යොමු වී ඇති අතර  එම සිද්ධියට සම්බන්ධ උසස් පොලිස් නිලධාරියාගේ ක්‍රියාකලාපය පිළිබඳව වහා ම පරීක්ෂණයක් සිදු කරන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා වෙත නියෝග කර ඇති බවයි.
ඒ අනුව  අදාළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මහ ජනතාවගේ භාෂණයේ නිදහසට බාධා වන ආකාරයට කටයුතු කර තිබෙනවා ද? කාන්තා පොලිස් නිලධාරිනියන්ට අකටයුතු වීමක් සිදු වන ආකාරයට හා ඔවුන්ට අගෞරවයක් වන ආකාරයට කටයුතු කර ඇති ද යන්න සම්බන්ධයෙන් එම විමර්ශනයේදී අනාවරණය කර ගැනීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.
 




 
							     
							     
							     
							     
 
 
 
