අයහපත් කාලගුණය හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 12 කණුව ප්‍රදේශයේ මාර්ගයට ගල් සහ පස් කඩා වැටී ගමනා ගමනයට බාධා මතුව තිබෙනවා.
පොලිසිය පැවසුවේ එම ගල් සහ පස් ඉවත් කරන තෙක් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බවයි.
මේ අතර පස් කඳු කඩාවැටීමෙන් පස්සර , ලුණුගල මාර්ගය කිලෝමීටර් 156 කණුව අසලින් තවදුරටත් අවහිර වී තිබෙන අතර පොලිසිය පැවසුවේ එම පස් කඳු ඉවත් කරන තෙක් පස්සර හා ලුණුගල අතර රථවාහන ධාවනය තාවකාලිකව නවතා දමා ඇති බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




