බොරලුගොඩ සිංහයොත්, සමාජවාදී පක්ෂත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ අයවැයට අවනත වී ඇති බව සමගි ජනබලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.
නීති සම්පාදනයෙන් පමණක් රටක් සෑදිය නොහැකි බවත් ඒ සඳහා ආදර්ශය වැදගත් බවත්
අයවැය දෙවැනි දින විවාදයට සහභාගී වෙමින් එරාන් වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කළා.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කළ යුතු බවත් ඉන් පසු අනෙකුත් පිරිස්වලටද සිය වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමට සිදුවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ ජනතාව ත්‍රෛලෝක විජය පත්‍රවලින් මත්කරලා සුරංගනා කතා ප්‍රකාශ කළාට එය සාර්ථක නොවන බවත් රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට දැක්මක් පමණක් නොව දින වකවානු සහිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.