පොහොර සම්බන්ධයෙන් ගත් අමනෝඥ තීරණය නිසා තේ කර්මාන්තයේ නිෂ්පාදන 60% කින් පමණ අඩුවී ඇති හෙයින් තේ ගොවීන් වෙනුවෙන් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි රජයට යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (16) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.
ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ තේ සඳහා පොහොර මිටිය රුපියල් රුපියල් 15,000 දක්වා වැඩිවී ඇති බවයි.
මේ අතර පොහොර තහනමට ගත් අමනෝඥ තීරණය නිසා තේ කර්මාන්තයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල වූ බව පිළිගන්න බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියා.
තේ කර්මාන්තයේ ප්‍රශ්න සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ තමා මේ දක්වා එය ප්‍රසිද්ධියේ පැවසීමට නොගියේ කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය බිඳ වැටෙන නිසා බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.